විෂකාරකයක් අඩංගු බවට ඇති වූ සැකය මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වෙළෙඳ පොළ තුළ අලෙවියට තබා තිබූ ඇමෙරිකාවෙන් ආනයනය කළ ඇපල් තොග අත්අඩංගුවට ගත්තද, එම ඇපල්වලින් එක ගෙඩියක්වත් මෙතෙක් පරීක්ෂණයකට ලක්කර නැතැයි වාර්තා වේ.
ප්‍රා‘දේශීය සෞඛ්‍ය කාර්යාල මට්ටමින් වෙළෙඳ පොළේ තිබූ ඇපල් ඉවත්කිරීම ජනවාරි 25 වැනිදා සහ 28 වැනිදා කාලය තුළදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකළ අතර, එම ඇපල් තොග සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගබඩා සහ වෙළෙඳ සැල් ගබඩා තුළ තබා මුද්‍රා තැබීමට කටයුතු කර තිබේ.
මෙලෙස අත්අඩ‘‘ගුවට ගත් ඇපල් තොගවල සාම්පල් පරීක්ෂා කළ යුතු වුවද, මෙතෙක් එම සාම්පල් පරීක්ෂා කිරීමට අදාළ ආයතන වෙත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් යවා නොමැත.
මේ නිසා අත්අඩංගුවට ගෙන තිබෙන ඇපල් විනාශ වී යමින් තිබෙන බව සඳහන් වන අතර, අදාළ පරීක්ෂණ කටයුතු සිදුකර ඇපල් තුළ විෂකාරකයක් අඩංගුද, නැද්ද යන්න සොයාබලා ගැටලුවක් නොමැති නම් ඒවා මුදාහැරීමේ ක්රමවේදයද මේ වනවිට දවසින් දවස කල්යමින් තිබේ.
මේ පිළිබඳව %අද^ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ, අත්අඩංගුවට ගෙන තිබෙන ඇපල්වල සාම්පල් රසායනාගාරවලට යැවීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ඉල්ලා තිබෙන බවයි.
එහෙත් මෙතෙක් එම අවසරය ලැබී නොමැති බවත්, අවසර ලැබුණු පසු සාම්පල් පරීක්ෂණාගාර වෙත යැවීමට කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.