මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරමින් පේදුරුතුඩුවට ආසන්න ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත ව සිටියදී අත්අඩංගුවට ධීවරයින් පිරිස අද අධිකරණ කටයුතු සඳහා ධීවර දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.
නාවික හමුදාවේ සහය ඇතිව වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් යාත්‍රා දෙකක් සහ ධිවරයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා පැවසුවේය.
අත්අඩංගුවට ගත් ධීවරයින් මේ වන විට කන්කසන්තුරේ ධීවර පරික්ෂක කාර්යාලයට බාර දී ඇත.
වෙත්තලකේනි සහ පේදුරුතුඩුවට නැගෙනහිරින් මූ මුහුදු තීරයේදී ඊයේ රාත්රියේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.