දිවයින පුරා පවතින අඩු පහසුකම් සහිත විහාරස්ථාන වැඩිදියුණු කිරීම සඳහා විශේෂ ජාතික බෞද්ධ අරමුදලක් පිහිටුවන බව ජනාධිප මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමේදී මහා සංඝරත්නය විසින් සිදුකරන ලද ඉල්ලීම් සළකා මෙම පියවර ගන්නා බවත්, ඉදිරියේදී එම අරමුදල ප්‍රකාශයට පත් කරන අතර එය ශක්තිමත් කිරීමට මෙරට පරිත්‍යාගශිලී ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද සහාය ලබා ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසුයේ රත්නපුර, හිදැල්ලන, වීරගොඩ ශ්‍රී මහා විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුණු ශ්‍රී ශාක්‍යසිංහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයට අද (22) පස්වරුවේ එක්වෙමිනි.
විහාරාධිපති, සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ජ්‍යෙෂ්ඨ කර්මවගාචාර්ය, අධ්‍යාපනපති, හිටපු සහකාර අධ්‍යාපන අධ්යක්ෂ අමුතාගොඩ ඉන්දරතන නායක හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් පරිත්‍යාගශීලී ව්‍යාපාරික ප්‍රජාවගේ සහ ප්‍රදේශවාසී බොදුණුවන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකර තිඛෙන මෙම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අඩි 84 ක් උසින් යුතුය.
සමාධි ප්‍රතිමා වහන්සේ අවට අශෝක ස්ථම්භයන්ට අනුව යමින් කුලූනු ප්‍රතිමා 16 ක් නිර්මාණය කර තිබෙන අතර විශාල දිය පොකුණකින් ද සමන්විතය.