මෙවර මහමැතිවරණයෙන් තේරී පත්වන අටවන පාර්ලිමේන්තුවේ සියලූ මන්ත්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුවක් ලබන 23, 24 සහ 25 යන දිනවල දී පාර්ලිමේන්තු සංකීර්ණයේ විවෘතව තබන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා නිවේදනයක් නිකුත්කරමින් පැවසීය. නව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ පළමු රැස්වීම සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීම මෙහි ප්රමුඛ අපේක්ෂාවයි වීතිබේ.මන්ත්‍රීවරුන්ගේ නිල හැඳුනුම්පත් සඳහා ඡායාරූප ලබා ගැනීම ද අදාළ දිනයන් හීදි සිදුකිරීමට නියමිත බැවින් එයටද සුදානම්ව පැමිණෙන ලෙස මහලේකම්වරයා පවසයි.0112777549/ 0112777273 දුරකතන ඔස්සේ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය