අටපිරිකර අලෙවි කිරීමේදී අදාළ ස්ථාන සහ අටපිරිකර නිෂ්පාදනය කරන ස්ථාන සියල්ලම බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
මීට අමතරව අටපිරිකර, තනිපට සිවුර, දෙපට සිවුර, අඳනකඩය, පාත්රය සහ බඳපටිය යන භාණ්ඩ ඇසුරුම්වල උපරිම සිල්ලර මිල නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය, නිෂ්පාදිත දිනය පැහැදිලිවම සඳහන් කළ යුතු බවද එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේය.
අටපිරිකර නිෂ්පාදනය කරන, ගබඩා කර ඇති හා අලෙවි කරන්නන් පිළිබඳව අධිකාරිය නිරතුරුවම පරීක්ෂා කර නීති කඩකරන්නනට එරෙහිව නීතිය ක්රියාත්මක කරන බවද එම අධිකාරිය සඳහන් කරයි.