අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සඳහා සැප්තැම්බර් මස පළමු වැනිදා උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
මෙම කැඳවීම සිදුකෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව බවද ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
1929-13 අංකය යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.