විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (26දා) සිය යුරෝපා සංචාරය ආරම්භකළ අතර ඔහු නැවතත් දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ එළැඹෙන 29දාය.
ඒ අනුව එම කාල සීමාවේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා මහතා කටයුතු කරන බව අමාත්‍යාංශය නිවේදනය කරයි.