උද්ධමනය ලක්ෂ්යමය පදනම මත ජූලි මාසයේ වාර්තා කළ - 0.2% අගයම අගෝස්තු මාසයේදීද වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (2006/07=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්යමය පදනම මත මෙසේ අගෝස්තු මාසයේදීද - 0.2% (සෘණ) අගයක් හෙවත් අවධමනයක් පෙන්වා ඇත.
මේ අතර, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2015 ජූලි මාසයේ පැවති 1.3% හි සිට 2015 අගෝස්තු මාසයේදී 1.0% දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බවද පෙන්වා දෙයි.