අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් 100ක් පමණ මේ වනවිට ලැබී ඇති බවද අද පස්වරුවේ එය පාර්ලිමේන්තු කතානායකවරයාට භාර දෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවද පාර්ලිමේන්තු පුස්තකයේ ඇති බැවින් ඉතා ඉක්මණින් එය විවාදයට ගත යුතු බවද වාසුදේව මන්ත්‍රීවරයා අනාවරණය කර සිටියේ අද පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලාවකදී පැවති මාධ්‍ය හමුවකදීය.