ජපානයේ රැකියා අවස්ථා ලබා දීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය සමග එක්ව කිසිදු පුද්ගලයෙකු හෝ කිසිදු ආයතනයක් වැඩසටහන් ක්‍රියාත්මක නොකරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අග්‍රාමාත්‍ය කාර්යාලය සමග එක්ව ජපානයේ රැකියා සඳහා යවන බව පවසමින් විවිධ පුද්ගලයන් සහ ආයතන මුදල් ඉල්ලා සිටින බවට මේ වන තොරතුරු ලැබී ඇති බවත් එම තොරතුරු සියල්ල අසත්‍ය බවද එම නිවේදනයේ සඳහන් වෙයි.
යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් එසේ මුදල් ඉල්ලා සිටින්නේ නම්, ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ද අග්‍රාමාත්‍ය කාර්යාලය ජනතාවට දැනුම් දී සිටියි.