ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය සෞඛ්‍ය සමුළුවෙහි විශේෂ දේශනය සෞඛ්‍ය පෝෂණය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට හිමි වී තිබේ.
හෙට (07දා) සිට 11 වැනිදා දක්වා මෙම සමුළුව නැගෙනහිර තිමෝරයේ ‘දිලි’ (Dili) නගරයේදී පැවැත්වෙන අතර, ඒ සඳහා රටවල් 11 ක සෞඛ්‍ය අමාත්‍යවරු ඇතුළු නියෝජිතයන් සහභාගිවීමට නියමිතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මිළඟ ආසියානු කලාපීය සෞඛ්‍ය සමුළුව ලබන වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.