44 වැනි අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට වහා සිය ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් නීතිඥ සංගම් එකමුතුව සංවිධාන කළ උද්ඝෝෂණයක් අද(28දා) මේ වනවිටඅලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරියේ පැවැත්වෙමින් තිබේ.මෙම උද්ඝෝෂණයසඳහා මහජනයාද සහභාගීවී සිටිති.
මේඅතර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මොහාන් පීරිස් මහතාට සිය ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් ලිපියක් යවා ඇතිබවද වාර්තාවේ
දැනට නීත්‍යනුකූල අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තව නොබෝ වේලාවකින් අලුත්කඩේ උසාවියට පැමිණ වැඩ බාරගැනීමට නියමිත බවද නීතීඥ එකමුතුවේ කැඳවුම්කරු නීතීඥ සුනිල් වටගල මහතා මෙහිදී පැවසීය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ