හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ධුරයෙන් ඉවත්කිරීම පිළිබඳව වන තත්ත්වය මේ වන විට පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙමින් පවතී. විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළේ යහපාලනයක් පිළිබඳ කතා කරන අවස්ථාවක අගවිනිසුරුවරයෙක් ධුරයෙන් ඉවත්කිරීමට ක්‍රමයක් පවතින බවයි.
මේ පළිබඳව අග්රාමත්යවරයාගෙන් පිළිතුරක් බලාපොරොත්තුවන බවත් හෙතෙම සඳහන් කළේය.
හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද ආවේගයෙන් කතා කරමින් සිටියි. පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. දිනේෂ් ගුණවර්ධන මහතාගේ කතාවට ආණ්ඩු පක්ෂයෙන් විරෝධතාවක් එල්ල විය.
අගවිනිසුරු ඉවත් කිරීම පිළිබඳව සම්පූර්ණ ප්‍රකාශක් හෙට (30දා) පාර්ලිමේන්තුවේදී කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.