ශ්‍රී ලංකාවේ 45 වැනි අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු වන ප්‍රියසාද් ඩෙප් මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාව ඊයේ (28දා) රාත්රියේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිර්දේශ කර තිබේ. ප්‍රියසාද් ඩෙප් මහතා අවස්ථා කිහිපයකදී අගවිනිසුරු තනතුරේ වැඩ බලා තිබේ. ශ්‍රී ලංකාවේ මීළඟ අගවිනිසුරු ලෙස ප්‍රියසාද් ඩෙප් මහතා හා කේ.ටී. චිත්රසිරි මහතාගේ නම් ජනපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට යවනු ලැබීය.