නව අගවිනිසුරු පත්කිරීම, හිටපු අගවිනිසුරු ඉවත්කිරීම පිළිබඳව විපක්ෂය ඉල්ලූ විවාදයට ඉඩ ලබාදිමට තීරණය කර බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
උපුල් සාන්ත සන්නස්ගල මහතා හා පැවැති මෛත්‍රී පිළිසඳරට එක්වෙමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
එසේම වැරදි කළ අයට ඉදිරි කාලයේදී දඩුවම් ලබා දෙන බවත් එය නිවරදි ක්‍රම වේදයක් අනුව සිදුවන බවත් හෙතෙම සඳහන් කළේය.
දින 100 වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය අව්‍යශ බවද එළැඹෙන මහ මැතිවරණයෙන් පසුව අඩුම තරමේ වසර දෙකක්වත් ජාතික ආණ්ඩුවක් අවශ්‍ය බවත් හෙතෙම සඳහන් කළේය.