බැඳුම්කර හොරුන්ට දඩුවම් කිරීමට තමාට ශක්තිය දෙන්නයි අගාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර සන්ධාන රැළියේදී අද (22දා) පැවැසීය.
“මහින්ද රාජපක්ෂ මැතිතුමා මහ බැංකු බැඳුම්කර කොමිසම ගැන ලොකුවට කතා කරනවා. තමුන්නාන්සේලා දන්නවා රවී කරුණානායක මහතාට විපක්ෂය ගෙන ආවා විශ්වාසභංග යෝජනාවක්. මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඇවිත් ඡන්දය දුන්නද විරුද්ධව. දුන්නේ නෑ.ඡන්දය අවසන් වෙලා රවි කරුණානායක මහත්තයා එළියට එන විට එතුමා පාර්ලිමේන්තුවෙන් පිටත ඉදලා රවී කරුණානායක මහතාට ටෙලිෆෝන් කෝල් එකක් දීලා සුබ පැතුවා. මම ඒක හොඳටම දන්න දෙයක් නිසා කියන්නේ.
රවී මම ආවේ නෑ ඔබට විරුද්ධව මගේ ඡන්දය දෙන්න ප්‍රශ්නයක් නෑ නේද? කියලා ඇහුවා. සාක්ෂි ඇතිව මේවා කියන්නේ. බැඳුම්කර කොමිෂන් වාර්තාවේ පැහැදිලිව කියලා තියෙනවා 2015/16 විතරක් නෙමෙයි මේ මහා මංකොල්ලය 2008 ඉඳලා සිද්ධවෙලා තිබෙනවා කියන එක ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු කියලා තියෙනවා.
මහ බැංකු වංචාකාරයින්ට විරුද්ධව පළවෙනි දේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමනි කළ යුතු වෙන්නේ මේ හොරකම කරපු සියලු දෙනා හිරේ දාන්න කටයුතු කිරීමයි කියන එක මම අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉතාම පැහැදිලිව මේ මහනුවර ඓතිහාසික වේදිකාවේ අද කියනවා.
ගරු අගමැතිතුමනි හිරේ දාන අය හිරේ දාන්න ඒකට පසුභට වෙන්න එපා. මට ඒකට ශක්තිය දෙන්න මාව දුර්වල කරන්න එපා. මට ශක්තිය දෙන්න කියලා මම ආණ්ඩුවේ විපක්ෂයේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
කතාවක් තියෙනවා බලු රැළක් එක්ක ඉස්සරහින් යනවට වඩා සිංහ රැළක් එක්ක පසු පසින් යන එක හොඳයි ඔලුව පාත් කරගෙන කියලා. ඒක නිසා මම කියනවා 2008 සිට 2016 දක්වා මේ දුප්පත් ජනතාවගේ සල්ලි ගසා කාපු ඒ සියලු දෙනාටයි මම එහෙම කියන්නේ.
මම ද්‍රෝහි වූයේ දූෂණයට,වංචාවට, හොරකමට, නාස්තියට විරුද්ධව මම එද විරුද්ධ වුණෙත් අද විරුද්ධ වෙලා ඉන්නෙත්.”