රජයට හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය ජුනි 9 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
අද (28දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය. දින 100ට අමතරව මේ ආණ්ඩුවට දින 50ක බෝනස් කාලයක් ලබා දුන් බවත් ඔහු පැවැසීය.
"රජයට හා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගය ජනවාරි 9 දා පාර්ලිමේන්තුවට බාර දෙනවා. ඊයේ (27දා) රාත්‍රිය වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 84 දෙනෙක් ඒ සඳහා අත්සන් කරලා තියෙනවා. මන්ත්‍රීවරු 130ක් මෙයට අතසන් කරනවා. ඇමතිකම් ගත්ත ඇමතිවරු පවා මේ විශ්වාසභංගයට අත්සන් කරලා තියෙනවා. අපි පැහැදිලිවම දින 100යි දුන්නේ. ඒ වගේම අපි බෝනස් දින 50කුත් දුන්නා. මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා මේ රටට මෛත්රීපාලනයක් ගේනව කියද්දී, අගමැතිවරයා වෛරී පාලනයක් මේ රටේ ගෙන යනවා."