පාර්ලිමේන්තුව තුළදී අග්‍රාමාත්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අපහාස වන ආකාරයට සිදුකළ ප්‍රකාශයට ලබන සතිය තුළදී නිසි පිළිතුරු ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයෙන් තම සංගමයට අපහාසයක් වී තිබෙන බැවින් ඊට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අද (10දා) සහ හෙට (11දා) ශාඛා සමිති රැස්වී අදහස් හා යෝජනා ඉදිරිපත් කරන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේය.
එම අදහස් හා යෝජනා 13 වැනි දින රැස්වන මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර අදාළ ප්‍රකාශයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව අවසන් තීරණය ගන්නා බවද ඔහු පවසා සිටියේය.
අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ලේකම්වරයා මේ බව සඳහන් කළේය.