අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට 'පිං අගමැති' යනුවෙන් චෝදනා කළ පුද්ගලයන් අද 'පිං ඇමතිකම්' ඉල්ලමින් අගමැතිවරයා අසල වැඳවැටෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා 'අද' ට පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාමනායක මහතා,
"අගමැතිතුමාට පිං අගමැති කියූ අය අද අගමැතිතුමා ළඟ දණින් වැටිලා ඇමතිකම් ඉල්ලනවා. එහෙම කියපු ඩිලාන් පෙරේරා මහත්තයා ආසනයයි, දිස්ත්‍රික්කයයි දෙකම පැරදිලා ගමට යන්න බැරිකමට ජාතික ලැයිස්තුවෙන් ආවා. ලිස්ට් එකෙන් ආපු එයා දැන් පිං මන්ත්‍රී. ඔන්න ඒ පිං මන්ත්‍රී දැන් පිං ඇමතිකමක් ගන්න හදනවා. අගමැතිතුමා ළඟ වැඳ වැටිලා ඇමතිකම් ඉල්ලන පිං ඇත්තා කවුදැයි ජනතාව තේරුම්ගත යුතුයි" යනුවෙන්ද පවසා සිටියේය.
එමෙන්ම සතියක් ඇතුළත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නැවත සක්‍රිය නොකරන්නේ නම් තමා ඇතුළු පිරිසක් උපවාසයක් ඇරඹීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.
ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීමට අල්ලස් කොමිසම තුළ ඉඩ පහසුකම් නොමැති නම් ඒ සඳහා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව යොදාගත හැකි බවත්, සේවකයන් අවශ්‍ය නම් පොලිස් නිලධාරීන් යොදාගත හැකි බවටත් මන්ත්‍රීවරයා යෝජනා කරයි.
අල්ලස් කොමිසමේ සභාපති බාලපටබැඳිගේ මහතා අදාළ පැමිණිලි විමර්ශනය කිරීමට ඉඩ නොදෙන බැවින් මේ වනවිට අල්ලස් කොමිසම අක්‍රිය තත්ත්වයට පත්ව ඇති බවද, මේ සඳහා සුදුසු නිලධාරීන් යොදා නැවත අල්ලස් කොමිසම සක්‍රිය කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.