ආණ්ඩුවට පොදුවේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළහොත් එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහනයක් වනු ඇතැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද(05දා) පැවසීය.
එබැවින් රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සමාජවාදී ජනතා පෙරමුණ විසින් කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මිට පෙර රවි කරුණානායක මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ එජාපය තුළ බෙදීම් ඇතිවූ බවත්,මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාට එජාපය තුළින්ම එල්ල වන බලපෑම් හේතුවෙන් සිය ධුරයෙන් ඉවත් වීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට නොමැති බවත්ය.
රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය සකස් කරන විශ්වාසභංග යෝජනාවට මෙතෙක් තමන් අත්සන් නොකළ බවත්,මේ සතිය ඇතුළත එයට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් හෙතෙම පවසා සිටියේය.