ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට බදු රහිත මෝටර් රථ දෙකක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය සහ පාර්ලිමේන්තු අවසරය ලබාදුන් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.
08 වැනි පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙකුටම බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදුන් බවද ඇමතිවරයා සඳහන් කළේය.රාජ්‍ය සේවකයන්ට ලබාදෙන වාහන බලපත්‍රය විධිමත් කරන බවත්, රාජ්‍ය සේවකයන්ට ජීවිත කාලය තුළ ඒ ආකාරයෙන් බලපත්‍ර 02 ක් ලබාදෙන බවත් ඒ මහතා කියා සිටියේය.
අගමැතිවරයාට මිලියන 644 ක් වියදම් කොට වාහන ආනයනය කළ බව ප්‍රකාශ වුවද බදු විරාමයකට ඉන් 88% ක් ඉඩ තබා ඇතැයි හෙතෙම වැඩිදුරටත් කීය.