ශ්‍රී ලංකාවේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට අගමැතිවරයෙකුට එරෙහි විශ්වාසභංග යෝජනාවකට මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් අත්සන් තැබූ අවස්ථාවක් උදා වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසන්නේ, වත්මන් ආණ්ඩුව යටතේ සිදුකෙරෙන බොරු ප්‍රචාර, මහා පරිමාණ දූෂණ හා පෙර නොවූ විරූ ආකාරයෙන් දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම මෙම විශ්වාසභංග යෝජනාවට හේතු වී ඇති බවයි.
වත්මන් ආණ්ඩුවේ සදාචාර විරෝධී හැසිරීම තමන්ද ඍජුවම අත්දැක ඇති බවත්, වත්මන් ආණ්ඩුව මෑතකදී පිහිටුවන ලද කැබිනට් අනුකමිටුවකට ඍජුවම වගකියන ගෙස්ටාපෝ තාලයේ පොලිස් ඒකකය හරහා ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් බන්ධනාගාරගත කරමින් සිටින බවත් ඔහු පවසා සිටියි.
මහාමාර්ග අමාත්‍යාංශය විසින් ණයට ගනු ලැබූ මුදල් අවභාවිතා කළේය යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය සතියකදී අගමැතිවරයා එල්ල කළ චෝදනාව පිළිබඳව එම නිවේදනයේ මෙසේ සඳහන් කර තිබේ.