රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපතිවරයාට අපහාස වන ආකාරයට අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරයෙකු සිදුකළ ප්‍රකාශවලට විරෝධය දක්වා හෙට (02දා) හම්බන්තොට මහ රෝහල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම විරෝධතා ව්‍යාපාරයට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් සහභාගි වන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍යවරයාට විරෝධය දැක්වීමට අමතරව ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත වෙළෙඳ සහ සේවා ගිවිසුම අත්සන් නොකරන ලෙසටත් මෙම විරෝධතාවයේදී රජයට බලකරන බවද ඔහු පවසා සිටියේය