ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු සංඝරත්නයට අපහාස කිරීම සහ හෙරොයින් කන්ටේනරය මුදාගැනීම සඳහා ලිපි දීම යන හේතු මත අගමැතිට ඉල්ලා අස්වැන්නැයි බලකරමින් ඇඹිලිපිටිය නගරයේ උද්ඝෝෂණයක් අද පෙ.ව. 9.00 ට ආරම්භ විය.
මේ සඳහා ජාතික සංඝ සම්මේලනයේ ජාතික සංවිධායක මාතර ආනන්ද, කඩුවෙල කාම්බෝජ බෞද්ධ මධ්‍යස්ථානාධිපති කාම්බෝජයේ කාශ්‍යප, රන්වේ ඉන්ද්‍රසාර හිමිවරුද ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටි අතර ප්රදේශවාසිහු වෙළෙඳ සංගම්හි නියෝජිතයන්ද සහභාගීවී සිටිති.