ඉන්දීය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දීයාව විසින් ඉහළ ආරක්ෂාවක් ලබාදි තිබේ. අගමැතිවරයා අද (18දා) ගුරුවායුර් ශ්‍රී ක්රිෂ්ණ දෙවාලයේ ආගමික වතාවත් සඳහා එක්ව තිබෙන අතර එහිදි ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 1000ක් යොදවා තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 8.45ක් පමණ වටිනා සඳුන් කිලෝ 77ක්ද දේවාලයට පූජා කර තිබේ.
අගමැති බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හා අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් මේ අවස්ථාව සඳහා එක්ව තිබේ. මෙහිදී මාධ්‍යවේදීන් අමතා ඇති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙන්නේ තමන් ඉන්දියාවට මෙන්ම චීනයටත් වැඩි බරක් නොතබන බවයි.එසේම සිය පළමු වගකිම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.