අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ලැබුණු වාහන නිරන්තරයෙන් අලුත්වැඩියා කිරීමට සිදුවන නිසා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අගමැතිවරයා වෙත කිසිදු ආරක්ෂිත වාහනයක් ලබාදී නොමැති නිසාත් අග්‍රාමාත්‍ය කාර්යාලය වාහන මිළදී ගැනීම වරදක් නොවන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේබව පවසයි. කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයා සඳහා නිල රථ මිළදී ගැනීමට යාම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා විරෝධය පළ කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් ලබාගැනීමටද තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ අදහස් අනුව ඉදිරි පියවර ගනු ලබන බව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.