අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එළැඹෙන මැයි මාසයේදී චීනයේ සංචාරයකට එක්වීම නියමිතය. මෙහිදී කොළඹ හා හම්බන්තොට සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කර එම කටයුතු අවසන් කිරීමට අග්රාමාත්යවරයා අවධානය යොමුකර තිබේ. අග්රාමාත්යවරයාගේ චීන සංචාරයේදී එරට ජනපති ෂී ජින්පින් මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡාද පැවැත්වීමට නියමිතය.
මේ අතර ශ්රී ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් අග්රාමාත්යවරයා ඉදිරියේදී සිංගප්පූරුව සමඟද තවදුරටත් සාකච්ඡා කිරීමට නියමියත. මරදානේ පැවැති උත්සවයක් අතර තුළදී අග්රාමාත්යවරයා මේ බව හෙළි කළේය.
එසේම ශ්රී ලංකාවේ කසළ කළමණාකරණය සම්බන්ධයෙන් ජපානය සමග එක්ව කටයුතු කරන බවත් අග්රාමාත්යවරයා මෙහිදී පැවැසීය.
“ජපානය සමග ඒකාබද්ධවී කසළ කළමනාකරණයට වැඩකටයුතු ගණනාවක් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම මීතොටමුල්ල කසළ කන්දේ ගැටලුව පිළිබඳ පරීක්ෂා කිරීමට පැමිණි ජපාන කණ්ඩායමේ වාර්තාව ලබන සතියේදී ලැබීමට ද නියමිතයි.
එළඹෙන මැයි මාසයේදී මම චීනයට ගොස් චීන ජනාධිපතිවරයා හමුවෙනවා. එහිදී කොළඹ සහ හම්බන්තොට සංවර්ධන වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා අවසන් කිරීමට බලාපොරොත්තු වනවා. සිංගප්පූරුව සමගත්, සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ජනාධිපතිතුමා මැලේසියාව, ඉන්දුනිසියාව යන රටවල්වලට ගොස් ශ්රී ලංකාවේ දියුණුව සඳහා යන ගමනට ඔවුන්ගේ සහයෝගයත් ලබාගත්තා.”