එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් සියලුමදෙනාට අද සවස අරලිය ගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ භෝජන සංග්‍රහයක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
මේ සඳහා ආසන සංවිධායකවරුන් 160 දෙනාට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කටයුතු කළ පිරිස් ඇතුළුව තවත් සිය දෙනෙකුට ආරාධනා කර ඇත. සියලුම මූල්‍ය වියදම අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික වියදමින් සිදුකරන බව වාර්තා වේ.