විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතාට නිවේදන නිකුත් කිරීමෙන් වළකින්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
ඒකාබද්ධ විපක්ෂය යන භාවිත කිරිම පිළිබඳව පසුගිය සතියේදී ලේකම්වරයා නිකුත් කළ නිවේදනයක් මතභේදකයට තුඩුදුන් අතර ඒ පිළිබඳව කරුණු දැක්වීමට තමා හමුවෙන්නැයි ජනමාධ්‍ය ලේකම්වරයා අග්‍රමාත්‍යවරයා දන්වා තිබුණි. මෙම අවස්ථාවට අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාද එක්ව සිටියේය.
මෙවැනි ආකාරයේ දේශපාලන නිවේදන නිකුත් කිරීමට ජනමාධ්‍ය ලේකම්වරයා අයිතියක් නොමැති බව පෙන්වා දී ඇති අග්‍රමාත්‍යවරයා අදාළ සිද්ධිය පිළිබඳව ජනපතිවරයා සාකච්ඡා කරන බවත් පවසා තිබේ.