‘ද ඉකොනොමිස්ට් (The Economist) ජාත්‍යන්තර සඟරාව විසින් සංවිධානය කරන ‘2017 ලෝකය (The World in 2017) සමුළුවට සහභාගිවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (01දා) හොංකොං නුවර බලා පිටත්ව යාමට නියමිතය.
එහිදී හොංකොං නුවර පැවැත්වෙන මෙම සමුළුවේ මුඛ්‍ය සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමටද කටයුතු යොදා තිබේ.
මෙම සමුළුව සඳහා ලෝකයේ පළමු පෙළේ අර්ථශාස්ත්රඥයන්, විද්වතුන්, ව්‍යවසායකයන් සහ මාධ්‍යවේදීන් සහභාගීවන බවද වාර්තා වෙයි.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මෙම සංචාරයට එක්වෙති.