වියට්නාමයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරය නිමා කරමින් හෙට (19දා) පෙරවරුවේදී දිවයිනට පැමිණිමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. අග්‍රාමාත්‍යවරයා හෙට රාත්රියේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් සිදුවූ විපත හේතුවෙන් අග්‍රමාත්‍යවරයා සිය සංචාරය කෙටි කර තිබේ. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සිය සංචාරයේ ඉසව් කිහිපයක් හා සාකච්ඡා කිහිපයක් අවලංගු කර ඇතැයිද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.