අගමැති වාහන ගන්නේ නායකයන්ගෙන් විමසායි
- 12 05 2016
- 19:00
- {{hitsCtrl.values.hits}} views
- නදීශානි පතිරණ
අගමැතිවරයාට වාහන මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 600ක් වෙන් කළත් එම වාහන මිලදී ගැනීම සිදුවන්නේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ කැමැත්ත විමසීමෙන් පසුව යැයි අගමැතිවරයා ප්‍රකාශ කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසුවේය.
අද (12දා) දින සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා පැවසුවේ අගමැතිවරයගේ වාහන මිලදී ගැනීමේ මුදල් වෙන් කිරීම අලුතින් සිදු වූවක් නොව අයවැයෙන් මින් පෙර සිදුවූවක් බවයි.
|
| අගමැතිවරයා වර්තමානයේ භාවිත කරන වාහන ද්විත්වය ජනාධිපති කාර්යාලයෙන් ලබාදුන් ඒවා වන අතර, ඉන් එක් වාහනයක කිසිදු ලියකියවිල්ලක් නොමැති බවත්, එවන් වාහනයක් මෙරට අගමැතිවරයාගේ පාවිච්චියට දීම කළහැකි කටයුත්තක්ද යන්න සිතා බැලිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසුවේය. |
එසේම මෙම මිලියන 600ක මුදලින් මිලියන 128ක් පමණක් වාහන සඳහා වන බවත්, ඉතිරි මිලියන 472ක මුදල බඳු සඳහා වන බවත් කී ඒ මහතා, එලෙස බදු ලෙස ගෙවන මුදල නැවත මෙරට භාණ්ඩාගාරයටම ලැබෙන බවද පැවසුවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


