අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අගමැති ලී ෂියැන් ලූං මහතා හමුවි සාකච්ඡා පැවත්වු බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය.
මෙහිදී දෙරට අතර ද්විපාර්ශික සබඳතා වර්ධනය කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් අදාල සාකච්ඡා ඊයේ පස්වරුවේ පැවති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති සම්බන්ධිකරණය පිළිබඳ අමාත්‍ය ධර්මන් ෂන්මුගරත්නම් මහතා ද ස්වදේශ කටයුතු සහ නීති අමාත්‍ය කේ. ෂන්මුගම්, විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන්, වෙළද සහ කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන් සහ මුදල් අමාත්‍ය හෙං ස්ව් කියැත් යන මහත්වරුන් ද හමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පැවසුවේය.