අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (21දා) පස්වරුවේදි අස්ගිරි හා මල්වතු මහා නාහිමිවරුන් හමුවීමට නියමිත බව වාර්තා වෙයි. ඊට ප්රථමව අග්රාමාත්යවරයා දළඳා මාළිගාවේ ආගමික වතාවත් සඳහා එක්වීමටත් නියමිතය.
රජයේ ඉදිරි කටයුතු පිළිබඳව මහා නායක හිමිවරුන් දැනුවත් කිරීමට මෙන්ම උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබා ගැනීම අග්රාමාත්යවරයාගේ මෙම සංචාරයේ අරමුණ බව වාර්තා වෙයි. මෙහිසී මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේ සිදුවීම පිළිබඳවද සාකච්ඡා පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.