දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ණය සඳහා රුපියල් බිලියන දෙකක මුදලක් මුදලක් තමන් මහ බැංකුවෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
කොටපොළ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම ආපදා තත්ත්වයෙන් නැවත ගොඩ ඒම සඳහා රුපියල් බිලියන 15ක පමණ මුදලක් අවශ්‍ය බවත් ඒ මුදල් මහා භාණ්ඩාගාරය හා සොයාගෙන ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.