ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2014 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වීමෙන් පසුව, ඔහු ජීවත්වන නිල නිවස වෙත සිය මව ප්‍රථම වරට පැමිණි ඡායාරූප කිහිපයක් අගමැතිවරයා සමාජජාල අඩවි වෙත මුදාහැර තිබුණි.
90 වැනි විය ඉක්මවා සිටින හිරාබෙන් මෝදි නම් වූ ඇය අතිශය සාමාන්‍ය දිවිපෙවෙතක් ගෙවමින්, ගුජරාට් හි පිහිටි පවුලේ නිවසේ දිවි ගෙවන අතර, මෝදි නිතර ඇය බැලීමට ගියද, ඇය සිය පුතා අගමැති වීමෙන් පසුව ඔහුගේ නිල නිවෙස වෙත ඇය පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.
මෙම ඡායාරූප එකතුවේ මෝදි සිය මව රෝද පුටුවක තබාගෙන සිය නිල නිවසේ උද්‍යානය වටා රැගෙන යමින් ඇය සමග බොහොම සැහැල්ලුවෙන් ගත කරන ඡායාරූප කිහිපයක් මෙසේ සමාජජාල වෙත මුදාහැර තිබුණි.
බොහෝ කාලයකට පසුව මව සමග අතිශය හරවත් කාලයක් ගතකිරීමට අවස්ථාව ලැබුණු බව මෝදි ට්විටර් පණිවුඩයකින් කියා තිබුණි.
එමෙන්ම, මෙම ඡායාරූප වෙත ඉන්දීය ජනයාගෙන් ඉහළ ප්‍රතිචාර හිමිව ඇති බවද විදෙස් වාර්තා පවසයි.