සිය සිවුදින ඔස්ට්‍රේලියානු නිල සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (17දා) නැවතත් දිවයිනට පැමිණියේය. මෙම සංචාරයේදී ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම් දෙකක්ද අත්සන් කරන ලදී. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ඇතුළු එරට ඉහළපෙළේ රාජ්‍ය නියෝජිතයන් සමගද අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සාකච්ඡා පවත්වන ලදී.