අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද (10දා) ජපානයේ වේලාවෙන් ප.ව. 05.30 පමණ ජපානයේ නරීතා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශක හිරෝතෝ ඉෂූම් මහතා, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා විසින් සිදුකරනු ලැබූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
මේ අනුව අග්‍රාමාත්‍යවරයාගේ ජපාන නිල සංචාරයේ නිල සාකච්ඡා හෙට (11දා) ආරම්භ වීමට නියමිත බවද එම කර්යාලය සඳහන් කරයි.
මේ සංචාරය සඳහා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ආචාර්ය සරත් අමුණුගම සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතාද එක්ව සිටිති.