තමන්ට ලැබී ඇති ජනතා බලවේගය වඩාත් හොඳින් රැක ගැනීමට නම් අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංගය පරාජයට පත් විය යුතු බවත්, නොඑසේ නම් සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසූයේ කොළඹදී අද (02දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
ඒ මහතා වැඩිදුරටත් එහිදී පැවසූයේ අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ තවදුරටත් රැඳී සිටීම ජනතාවගේ කළකිරීම ආණ්ඩුව කෙරහි තවත් වැඩි කිරීමට හේතුවක් වන බවත්, ආණ්ඩුව බිඳ වැට්ටවීමට උත්සාහ දරන පිරිසගේ අරමුණ එය වන බවත්ය.
මේ අවස්ථාව සඳහා හිටපු අමාත්‍ය, පළමු පෙරමුණ කැඳවුම්කරු චන්ද්‍රෙස්න විජේසිංහ, නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය හා ප්රජාතන්ත්රවාදය හා යහපාලනය සඳහා වූ සංවිධානයේ ලේකම් අකලංක හෙට්ටිආරච්චි යන මහත්වරු සහභාගි වී සිටියහ.