අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතර හමුවක් අද (15දා) ප.ව. 2.30ට අරලිය ගහ මන්දිරයේදී සිදුවීමට නියමිතය. හම්බන්තොට වරායේ ඇතිවූ සිද්ධිය පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව විසින් සකස්කළ වාර්තා පෙරේදා ආරක්ෂක ලේකම්වරයාටත් ලබාදී ඇත. මාධ්‍යවේදියාවට පහරදුන් අයුරු දැක්වෙන විඩියෝව අනුව එම අවස්ථාවේදී තමන් වරදක් කර ඇත්නම් ධුරයෙන් ඉල්ලා අස්වෙන බව නාවික හමුදාපතිවරයා පවසා තිබේ.