මුදල් පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා ආණ්ඩුව ලබාදුන් විවාදය විපක්ෂය ප්රතික්ෂේප කර ඇති බව අග්රාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23දා) පැවැසිය.
පසුගිය ආණ්ඩුව කළ දේවල් එළියට එන නිසා විපක්ෂය මෙම විවාදය ප්රතික්ෂේප කරන්නේදැයි අගමැතිවරයා මෙහිදී ප්රශ්න කළේය.
ඉන් පසුව නැගී සිටි දිනේෂ් ගුණවර්ධන මන්ත්රීවරයා සඳහන් කළේ මුදල් පනතක් විවාදයට ගැනීමේ නිශ්චිත වැඩපිළිවෙලක් පවතින බවයි.
ඉන්පසුව සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර පසුව පාර්ලිමේන්තුව විනාඩි 15කට කල්තැබීය.