ක්ෂුද්‍ර මූල්‍ය විධිවිධාන හා අධීක්ෂණ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ක්ෂුද්‍ර වෘත්තිකයන්ගේ සංගමය විසින් රජයේ දින 100 වැඩසටහනේ අධීක්ෂණ කමිටුවට ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය දන්වා සිටියි.
මෙම පනත පිළිබඳව ජනතාවගේ අදහස් ලබාගැනීමට අගාමාත්‍ය කාර්යාලය තීරණය කර තිබෙන අතර ඒ සඳහා මහජන අදහස්,
අතිරේක ලේකම් (ආර්ථික කටයුතු), මිලෝදා, පළමු මහල, බ්‍රිස්ටල් වීදිය, කොළඹ 01 ලිපිනය, 011-3054877 දුරකතන අංකයට, 011-2339732 යන ෆැක්ස් අංකයට, [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමුකළ හැකිය.
පනත් කෙටුම්පත ව්‍යපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමෙන්තුවේ ( www.pmm.gov.lk) වෙබ් අඩවියේ පළකර තිබෙන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය අද (05දා) නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.