ඉන්දියාවේ තිරුමාලාහි තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (21දා) ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඔහු හෙට (22දා) කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිතය. මෛත්රීවික්රමසිංහ මහත්මිය හා අග්රාමාත්යවරයාගේ ආරක්ෂකයින් දෙදෙනෙකු මෙම සංචාරයට එක්ව තිබේ. අගමැතිවරයා හෙට දිනයේදීම යළිත් ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.