බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) සකස් කළ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිපතිවරයාට යොමු කිරීම හරහා කතානායකගේ කටයුතු අග්‍රාමාත්‍යවරයා පවරාගෙන ඇති බව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
කතානායක කරු ජයසූරිය මහතා වෙත අද (22දා) ලිපියක් යොමුකරමින් ඔහු පවසන්නේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සකස්කළ වාර්තාව නීතිපතිට යොමුකළ යුතුනම් රජය තීරණය කරන්නේ පාර්ලිමේන්තුව බවද ඔහු පෙන්වා දෙයි.
එසේම බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සකස් කළ කෝප් වාර්තාව 2017 වසරේ පළමු පාර්ලිමේන්තු සභා වාරයේදීම විවාදයට ලක්කළ යුතු බවත් සභාපතිවරයා කතානායකට යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.