අගමැති එදා වෙසක් සැමරූ හැටි කියයි
අතීතයේදී අටපට්ටම් හා බකට් ආදිය ආලෝකමත් වූයේ ඉටිපන්දම් ආලෝකයෙන් බවත් එම ඉටිපන්දම් හේතුවෙන් අටපට්ටම් බකට් ගිනි ගන්නා හෙයින් එම ගිනි නිවීම සඳහා වතුර බාල්දි ළඟ තබාගෙන සිටි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
දයා ගමගේ සමූහ ව්‍යාපාරයේ මූලිකත්වයෙන් පැපිලියානේ ඉදිකළ තොරණ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඊයේ (29දා) අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“වෙසක් උත්සවය සැමරීම පළමුවෙන්ම යෝජනා කළේ 'ඕල්කට්' මැතිතුමායි. බෞද්ධ කොඩිය නිර්මාණය කළ පසු එම බෞද්ධ කොඩිය සමග පොල්තෙල් පහනක් පත්තු කිරීමටයි එදා යෝජනා වුණේ. ඉන්පසුව එය එක පහනක් නොව පහන් රාශියක් දක්වා පුළුල්වී වෙසක් උත්සවය සැමරීමක් බවට පත්වුණා. ඒ කාලයේ වෙසක් කූඩුත් අපි නිර්මාණය කළා. එදා එම වෙසක් කූඩු ආලෝකමත් වුණේ ඉටිපන්දම් ආලෝකයෙනුයි. අප නිර්මාණය කරන අට පට්ටම්, බකට් ආදිය ඉටි පන්දම් නිසා ඉක්මනින් ගිනි ගන්නවා. එවිට ඇතිවන ගිනි නිවීම සඳහා වතුර බාල්දි ළඟ තබාගෙන සිටි ආකාරයත් මට මතකයි. ඒ කාලයේ අප වෙසක් සැමරුවේ එලෙසයි.’’ යැයි අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


