අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(20දා) හම්බන්තොට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට සැළසුම් කර තිබේ.
මෙහිදී මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය, ජාත්‍යන්තර ක්‍රිඩාංගණය, ජාත්‍යන්තර සම්මන්ත්රන ශාලාව, හම්බන්තොට සත්වෝද්‍යානය, උද්භිද උද්‍යානය සහ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය, අග්‍රාමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කිරීමට නියමිතව ඇත.
මේ අතර අග්‍රාමාත්‍යවරයා සහ දකුණු පළාතේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අතර හමුවක්ද අද පස්වරුවේ මාතර දී පැවැත්වීමට නියමිතව තිබේ.