අගවිනිසුරු තනතුර සම්බන්ධව පැනනැගී ඇති ගැටලුව පිළිබඳව අද (30දා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විශේෂ ප්රකාශයක් කළ අවස්ථාවේ, පාර්ලිමේන්තුවේ ඝෝෂාකාරී තත්ත්වයක් මතුවිය.
මොහාන් පීරිස් මහතා පසුගිය ජනපතිවරණය දිනයේදී අරලියගහ මන්දිරයේ සිටි බවත්, අගවිනිසුරු වැනි රටේ වැදගත් නිලයක් දරන කෙනෙකු එවැනි ස්ථානයක සිටීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් අගමැතිවරයා පැවසුවේය.
රජයට ඕනෑ ලෙස නඩු තීන්දු දීමට තමා සූදානම් යැයි මොහාන් පීරිස් මහතා පැවසු බවද ඒ මහතා සභාවේ අවධානයට යොමුකළේය.
එවැනි අගවිනිසුරුවරයෙකුට ස්වාධීනත්වයෙන් කටයුතු කළ නොහැකි බවත්, එසේම මොහාන් පීරිස් මහතා සමාගම් කිහිපයකම තනතුරු දරන්නෙකු බවත්, ඔහු විදෙස් රටක තානාපති තනතුරක් ඉල්ලා ඇති බවත් අගමැතිවරයා මෙහිදී පවසා සිටියේය.
මෙම ප්රකාශයත් සමග විපක්ෂයේ විමල් වීරවංශ මන්ත්රීවරයා ඇතුළු පිරිසක් කෑ කෝ ගසමින් ඊට විරෝධය පළකළ අතර, ඒ සමගම දෙපාර්ශ්වයේම පිරිස් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
මේ හේතුවෙන් කථානායකවරයා පාර්ලිමේන්තුව විනාඩි 20 කට කල් තැබීය.