මිලදී ගැනීමට සැලසුම් කළ විදුලිය මෙගාවොට් 55 ක ප්‍රමාණය අහිමි වී ගියද අඛණ්ඩව ජනතාවට විදුලිය ලබාදෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
පසුගිය දිනවල ඇති වූ වැසි තත්ත්වය නිසා කුඩා ජල විදුලි බලාගාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට හැකිවීම සහ මහවැලි කලාපපයට ජලය නිකුත් කිරීමෙන් විදුලි බලාගාර ක්‍රියාත්මක වීම නිසා ලැබෙන මෙගාවොට් ප්‍රමාණය මෙම අඩුපාඩුව පිරිමසා ගැනීමට යොදාගන්නා බවද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කලේළේය.
හදිසි අවශ්යාතා සේ සලකා විදුලිබල මණ්ඩලය විදේශීය සමාගමකට අයත් බලාගාරයකින් මෙගාවොට් 55ක ප්‍රමාණයක් ලබාගැනීමට සැලසුම් කළද මහජන උපයෝගිතා කොමිසම අදාළ මිලදීගැනීමේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා මිලදී ගැනීමට සැලසුම් කළ මෙගාවොට් 55 ක ප්‍රමාණය අහිමි වී ගොස් තිබේ.