අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදුන් බව පැවසෙන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය පවසයි.
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරයා සහ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා එක්ව අකුරැස්ස, හේනේගම ඕවිටිමුල්ල ප්‍රදේශයේ මාර්ගයක් සංවර්ධනය කිරීම සඳහා පරීක්ෂණ කටයුත්තකට සහභාගි වෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙම පහරදීම සිදුකර ඇත.
පහරකෑමෙන් තුවාල ලැබූ ප්‍රාදේශීය ලේකම්වරයා අකුරැස්ස රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකරුවන් ලේකම්වරුන් දෙදෙනාගේ කැබ් රථ දෙකටද පහර දී ඇති අතර, ඒවායේ ඉදිරිපස වීදුරුවලටද දැඩි අලාභ හානි සිදුව ඇත.
මෙම පහරදීමට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට අකුරැස්ස පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අකුරැස්ස - එන්.කේ ඉන්ද්‍රවංශ