දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(03දා) සවස 02.00පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල අද උදෑසන කාලයේදීත් වැසි අපේක්ෂා කල හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ඇතැම් ස්ථානවල විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල මි.මි 50 ඉක්මවූ තදවැසි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මීට අමතරව තද වැසි ඇතිවන ප්‍රදේශවල තද සුළං සමඟ අකුණු ඇතිවිය හැකි හෙයින් ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.